කොරෝනා ව්‍යාප්තිය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබාදුන් නායකත්වය හා ක්‍රියාත්මක කළ කාර්යක්ෂම වැඩපිළිවෙළ ලොව ඉහළ ඇගයුමකට ලක්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රබල ආයතනයක් සිදුකළ සමීක්ෂණයකදීයි මෙම ඇගයීම සිදුකර ඇත්තේ.
ඕස්ට්‍රේලියාවේ ICMA ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව තොරතුරු රැසක් එළිදක්වා තිබෙනවා. කොරෝනා වෛරසය පාලනයේ දී නායකත්වයේ සාර්ථකත්වය , කාර්යක්ෂම බව හා අදාළ රාජ්‍යයේ සෞඛ්‍ය අංශවල සූදානම යන කුරුණු සැලකිල්ලට ගනිමිනුයි මෙම දත්ත එළිදක්වා ඇත්තේ. මෙම ව්‍යසනයේදී තම දේශසීමා ඉක්මවාගිය රාජ්‍ය නායකයින් සමස්ත ලෝකවාසීන්ගේ පොදුසුබසාධනය සඳහා ගෝලීය හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට මුල්වන බවයි ICMA ආයතනය පෙන්වා දෙන්නේ. එමෙන්ම අර්බුදකාරී අවස්ථාවක තම ජනතාව ආරක්ෂාකර ගැනීමට මෙන්ම පෝෂණය කිරීමට ද මෙම රාජ්‍ය නායකයින් කැපවන බව ඉන් අවධාරණයකර තිබෙනවා.
එම දර්ශකයට අනුව රාජ්‍ය නායකයින් අතරින් පළමු තැන හිමිව ඇත්තේ නවසීලන්ත අගමැතිනි ජසින්තා ආඩන්ටයි. දෙවන ස්ථානය සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ග්යිසිං ලුංග්ට ද තුන්වන ස්ථානය අයිස්ලන්ත අග්‍රාමාත්‍ය කැත්රින් ජෙකෝබිස්ඩෝටිර් ට ද හිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම දර්ශකයේ නවවන ස්ථානයේ පසුවනේ ලොව ප්‍රබලම රාජ්‍ය නායකයින් රැසක් අභිබවා යමින්. හොංකොං , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ජපානය හා තායිවානය යන රටවල රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකා ජනපති හා සම තත්ත්වයේ පසුවනවා.
ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් පසුවන්නේ 16 වන ස්ථානයේයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 38 වන ස්ථානයේත් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 58 වන ස්ථානයේත් පසුවනවා. ලොව ප්‍රබලම රාජ්‍ය නායකයාලෙස සැලකෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ල් 70 වන ස්ථානයේ පසුවද්දී ඊට නොදෙවෙනි නායකත්වයක් හොබවන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට හිමිවී ඇත්තේ 89 වන ස්ථානය වීම විශේෂත්වයක්.