ඇදිරි නීතිය පවතිද්දී අඹන්ගඟ රක්ෂිතයේ දඩයමේ ගිය පුද්ගලයකු ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව විශේෂ පොලිස් වැටලීම් ඒකකය සමත් වුණා.
වන සතුන් දඩයම් කර මස් අලෙවි කිරීම සැකකරු විසින් සිදු කර ඇති බවයි පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත්තේ.
මේ අතර මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ 31 හැවිරිදි සැකකරුවෙකු අම්බලන්ගොඩ වේනමුල්ල ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කුලීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගත්තේ.