කොරෝනා වැළදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගියා.
මේ අනුව මෙරට සුව වූ රෝගීන්ගේ ගණන 65 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ.
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත සේවා විද්‍යා අංශය අද පෙරවරු 10ට නිකුත් කළ නිවේදනයට අනුව තහවුරු කළ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 238 ක් වනවා. කොරෝනා රෝගීන් 07 දෙනෙකු මිය ගියා. අද පෙරවරු 10 වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගය තහවුරු කළ කොරෝනා රෝගීන් ගණන 166ක්. එමෙන්ම සැක සහිත රෝගීන් ගණන 161 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. ඒ අනුව පසුගිය පැය 24 තුල තහවුරු කළ රෝගීන් 05 දෙනෙකු පිළිබඳ වාර්තා වනවා. ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක මෙම කොරෝනා තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පැවතිය ද ශ්‍රී ලංකාවේ පාලනයක් දැක ගත හැකියි.