කොරෝනා වංසගතය හේතුවෙන් පැනවූ නීතිරීති ලිහිල් කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජර්මන් චාල්සලර් ඇන්ජලා මර්කල් සදහන් කළා.
මැයි 4 වනදා වනවිට පාසල් යළි විවෘත කිරිමට හැකිවනු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
ආගමික වැඩසටහන් ඇතුලු පුද්ගල හමුවීම් අගෝස්තු 31 වනදා දක්වා තහනම් කර තිබෙනවා.
ජර්මනියේ මේවන විට වාර්තාවන කොරෝනා ආසාධිතයන් ගණන එක්ලක්ෂ තිස් හතර දහස් හත්සිය පනස් තුනක්.