ලොවපුරා කොරෝනා ආසාධිතයන් ගණන 2,083,590ක් දක්වා වැඩිවී තිබෙනවා.
ඒ රටවල් සහ ස්වයං පාලන ප්රදේශ 210 කින්. මියගිය ගණන 134,632ක්.
510,653 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා තිබෙනවා.
වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ස්පාඤ්ඤය, ඉතාලිය, ප්රංශය, ජර්මනිය සහ එංගලන්තය බලපෑම් එල්ලවූ සෙසු රටවල් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඇමරිකාවෙන් මේවන විට වාර්තාවී ඇති කොරෝනා ආසාධිතයන් ගණන හයලක්ෂ හතලිස් හතර දහස් අසු නවයක්.
මරණ විසිඅට දහස් පන්සිය විසි නවයක් සිදුව තිබෙනවා. එහෙත් මේ මාසය තුළ වසාදැමුණු ප්රාන්ත කිහිපයක් යළි විවෘත කළ හැකි බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සදහන් කරන්නේ.
ඒ පිලිබදව අද දිනයේදී මිල නිවේදනයක් නිකුත් කරන බවද ඇමරිකා වාර්තා ප්රකාශ කළා.