රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයට අයත් බට පිරිසක් සෝදිසි මුර සංචාරයක නිරතව සිටියදී ඩිංගි යාත්රාවක් පරික්ෂාවට ලක්කෙරුණා.
කේරළ ගංජා කිලෝ ග්රෑම් 133 කට වැඩි ප්රමාණයක් එහි තිබී සොයාගෙන ඇති අතර එම තොගය උතුරු ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවයි විශ්වාසය.