ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර නතර කිරිමට තම පරිපාලනය උපදෙස් දෙන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුනේ. ඒ කොරෝනා ව්‍යප්තිය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛය සංවිධානය තම වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින්.
ඔවුන් චීනයට පක්ෂපාතිීව කටයුතු කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළා.
කෙසේවෙතත් ආධාර නතර කිරිම මෙම අවස්ථාවේ ගත යුතු කි‍්‍රයාමාර්ගයක් නොවන බවයි ජගත් මහලේකම්වරයා සදහන් කළේ. කොරෝනා වසන්ගතයෙන් මිදීමට සියලු දෙනා එක්විය යුතු බවද මහලේකම්වරයා පෙන්වා දෙනවා.