කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 2,000,231 කට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව484,640ක්.
මරණ 126,757ක් වාර්තා වනවා. ලොව පුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
දිගින් දිගටම කොරෝනා වෛරසය ආසාදනය වූ විදේශිකයන් හමුවන බව චීනයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයන් 46 දෙනාගෙන් 36 දෙනෙකුම විදේශිකයන්. ඒ හේතුවෙන් මේ වන විට රුසියාව සමග පවත්නා දේශසීමා වසා දැමීමට ද චීනය පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වසංගතය මධ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කොරියා බලධාරීන් පියවර ගත්තා. ආසන 300 ක් සඳහා දේශපාලන පක්ෂ 35 ක් තරග වදින බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. සිය ඡන්දය භාවිත කිරිමේදී ඡන්ද දායකයන් මුඛ හා අත් ආවරණ පැළඳීම සහ එකිනෙකා අතර පරතරය මීටරයක් තබා ගැනීම අනිවාර්යය වනවා.
පාසල් විවෘත කිරීමට ඔස්ට්‍රේලියා රජය ගත් තීරණය පිළිබඳ බොහෝ රටවල අප්‍රසාදය හිමිව තිබෙනවා. එහෙත් ප්‍රාන්ත කිහිපයක බලධාරීන් දන්වා ඇත්තේ දරුවන් නිවෙස් තුළදී අධ්‍යාපන කටයුතුවලට යොදවන ලෙසයි. එරට ආර්ථිකය සියයට 6යි දශම 7 කින් කඩා වැටී ඇති බව ද ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.
සිංගප්පූරුව තුළ වෛරස ව්‍යාප්තිය නැවත හිස ඔසවා තිබෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහස ඉක්මවා ඇති අතර ඊයේ (14) දිනයේදී පමණක් වාර්තා වූ රෝගීන් ගණන 334 ක්. ආරම්භයේදී වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට එරට සමත් වුව ද පසුගිය සතියේ සිට එය ඉහළ ගොස් තිබෙනවා. සිංගප්පූරුව තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.
බ්‍රසීලය තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසිපන්දහස ඉක්මවා තිබෙනවා. එරටින් පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 204 ක්. රියෝ ද ජෙනයිරෝ නගරාධිපති විල්සන් විට්සෙල් ට ද වෛරසය ආසාදනය වී ඇති බව බලධාරීන් පවසනවා.
ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවා තිබෙනවා. මරණ පහළොස් දහසක් ඉක්මවූ 4 වන රට ලෙසයි ප්‍රංශය සැලකෙන්නේ.
මේ වන විට ලොව පුරා ගුවන් සේවා ලබා ඇති පාඩුව ඩොලර් බිලියන 312 ක් බව ගණන් බලා තිබෙනවා. පැවැත්ම සඳහා ගුවන් සේවාවලට දැඩි සටනක් සිදු කිරීමට සිදුව ඇති බවයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසන්නේ.