ඇදිරි නීතිය උල්ලංඝනය කළ 1500ක් ගත වූ පැය 24 දී අත්අඩංගුවට
Related Articles
ඇදිරි නීතිය උල්ලංඝනය කළ 1500කට ආසන්න පිරිසක් උදෑසන හයෙන් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 28000කට ආසන්න වනවා. වාහන 7000කට වැඩි ගණනක් ද පොලිස් භාරයට ගැනුණා. පොලිසිය ආරම්භ කළ විශේෂ මෙහෙයුම අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ.
ඇදිරි නීති කාලය තුළ මත්පැන් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සේවාවන්ට අයත් වාහනයක් භාවිත කළපුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා . ඔහු අද (15) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ.
පොලොන්නරුව ප්‍රදේශයෙන් පමණක් පසුගිය දින කිහිපයෙදී පුද්ගලයන් 180 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රාම සේවා වසම් 58 ක් තුළ නීති විරෝධී මත්පැන් පිලිබද සිදු කළ වැටලීම්වලදී.