ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් නතර කරන ලෙස සිය පරිපාලනයට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් සඳහන් කළේ එම සංවිධානය චීනයේ ගැත්තෙකු බවට පත්ව ඇති බවයි. එමෙන්ම ඔවුන් තම මූලික වගකීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයේ බරපතල කම දැන දැනත් එය වසන් කළ බවටද ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ජගත් මහලේකම්වරයා පවසන්නේ මෙවැනි ප්‍රකාශ කිරීම නුසුදුසු බවයි. මෙම අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම නොකළ යුතු දෙයක් බවද ජගත් මහලේක්ම්වරයා පවසා තිබෙනවා.