ජනාධිපති කාර්ය සාදක බලකායේ මැදිහත්වීමෙන් එළවළු හා පළතුරු මිළදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අද (15) ආරම්භවනවා.
ඒ අනුරාධපුරය, බදුල්ල , රත්නපුරය සහ හම්බන්තොට යන දිස්ත්‍රික් කේන්ද්‍රකරගනිමින් . රට තුළ පවත්නා වත්මන් තත්වය හමුවේ තම නිෂ්පාදන අලෙවි කරගැනීමේ ගැටලුවට මුහුණ දුන් ගොවීන්ට සහනයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන පසුගිය සෙනසුරාදා සහ ඉරිදා කි්රයවට නැංවුනා. පාරිභෝගික ජනතාවට අලුත් අවුරුදු සමයේ හිගයකින් තොරව එළවළු හා පළතුරු ලබාදීමට එහි අරමුණක්. එළවළු කිලෝ ග්‍රෑම් දස ලක්ෂයක් මිළදී ගෙන රට පුරා බෙදාහැරීමේ දැවැන්ත වැඩපිලිවෙලක් සාර්ථකව කි‍්‍රයාත්මක කළ බවයි රජය පවසන්නේ. ඒ ආකාරයට අද (15) සහ හෙට (16) කෙසෙල් අස්වැන්න මිළදී ගැනීම සදහා රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික් වල දිසාපතිවරුන් වෙත මුදල් ලබාදී තිබෙනවා. තෝරා ගත් ස්ථාන කිහිපයකදී එම කටයුතු අද (16) සිට කි‍්‍රයාත්මක කිරිමටයි නියමිත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර , අම්බලන්තොට , අගුණුකොලපැලැස්ස සහ සූරියවැව යන ප්‍රදේශවලදී අද (15) උදෑසන අටේ සිට කෙසෙල් මිළදී ගැනීම සිදුවන බවයි දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරතුංග මහතා ප්‍රකාශ කළේ.
රත්නපුර දිස්ත්‍රික්කයේද ඇඹිලිපිටිය මොරකැටිය දෙක – අලේපොළ, පදලංගල ඩී ඒ රාජපක්ෂ විද්‍යාලය සහ තුන්කම පරණපොළ යන ස්ථානවලදී කෙසෙල් මිළදී ගැනීම සිදුවන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ සරත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා.
මහවැලි අධිකාරි කාර්යාලය මගින්ද රත්නපුර දිස්ත්‍රික්කයේ කෙසෙල් මිළදී ගැනීම සිදුවනවා .එ ඇඹිලිපිටිය මොරකැටිය අට- ඇලේ කෙසෙල්පොළ, කඳුරුගස්ආර කෑම්ප් හංදිය, තුන්කම පරණපොල , කැටගල්ලාර පාසල අසළ, ගගේ යාය ගොවි සංවිධාන ප්‍රජාශාලාව සහ පදලංගල ඩී 20 – බෙදුම්ඇල යන ස්ථානවලදී එම කටයුතු සිදුකෙරෙන්නේ.
අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා තොග වශයෙන් මිළදී ගෙන කොළඹ අඩු ආදායම් ලාභීන් වෙත බෙදාදීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් එළවළු මිළදී ගැනීමේ වැඩපිලිවෙල අඛණ්ව කි‍්‍රයාත්මක කිරිමයි සැලසුම. මීට සමගාමීව බදුල්ල , බණ්ඩාරවෙල , වැලිමඩ සහ කැප්පෙට්ටිපොළ යන ප්රදේශවලදීත් එළවළු මි්ළදී ගැනීම සිදුකෙරෙනවා