බොරැල්ල රජයේ මුද්‍රණාලයේ අද පස්වරුවේ ගින්නක් හටගත්තා මුද්‍රණාලයෙන් ඉවත දමන කඩදාසි තිබෙන ස්ථානයේයි ගින්න හට ගෙන තිබෙන්නේ.
කොළඹ නගරසභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. ඉවත දමන කඩදාසි තිබූ ස්ථානයේ කඩදාසි ඇතුළු ද්‍රව්‍ය ගින්නට හසු වූ අතර අවට ගොඩනැගිලිවලට හානියක් සිදු වී නැති බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රකාශ කළා. බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.