ඉන්දියාව වසා දැමීම මැයි තුන්වනදා දක්වා දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළා.
බිලියන එකයි දශම තුනක ජනතාවක් සමගින් මාර්තු 25 වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට එරට සම්පූර්ණයෙන් වසාදැමීමටයි තීරණය කළේ. මෙම තීරණය ආර්ථිකව විශාල පාඩුවක් සිදුකළ ද මිනිස් ජීවිතවල වටිනාකම මිල කළ නොහැකි බවයි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉන්දීය අගමැතිවරයා සඳහන් කළේ.
මේ අතර වසා දමා ඇති රටවල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ උපක්රමික ක්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වසාදැමුණු රටවල් එක්වරම යළි විවෘත කිරීමේදී මතුවිය හැකි ගැටලු පිළිබදව ද සැලකිල්ලට ගනිමින් මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමටයි නියමිත.