fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩා දරුවන්ට අත්‍යාවශ්‍ය එන්නත් ලබාදීම ලබන සතියේ සිට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2020 11:18

කුඩා දරුවන්ට අත්‍යාවශ්‍ය එන්නත් ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ප‍්‍රමාදයකින් තොරව එන්නත් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ.

කුඩා දරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට ති‍්‍රපෝෂ මෙන්ම විටමින් වර්ග ද නිවසටම ගොස් ලබාදීමේ වැඩසටහන ද මේ වනවිට කි‍්‍රයාත්මකයි.

ඒ පිළිබද යම් ගැටලුවක් ඇත්නම් 072 280 95 77 අංකයට දැනුම් දිය හැකි බව ද අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2020 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්