හලාවත ඉරණවිල ඇමෙරිකන් හඩ පරිශ්‍රයේ ආරම්භ කළ කොරෝනා ප්‍රතිකාර රෝහලට රෝගීන් 5 දෙනෙකු ඊයේ රැගෙන එනු ලැබුවා.
ඒ එම රෝහලට රැගෙන ආ පළමු කොරෝනා රෝගීන් කණ්ඩායමයි. ජාඇල ප්‍රදේශයෙන් මඩකලපුව ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගන ගිය පිරිස අතුරින් කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වූ රෝගීන් 5 දෙනෙකුයි මෙසේ ඉරණවිල රෝහල වෙත ඇතුළත් කෙරුණේ. ඔවුන් රෝහල වෙත රැගෙන එනු ලැබුවේ නාවික හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේයි.