fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සවස 6 සිට හෙට සවස 6 දක්වා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2020 17:56

ඇඳිරිනීතිය කඩකරන්නන් අත්අඩගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද පස්වරු 06 සිට හෙට පස්වරු 06 දක්වා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

මේ අතර ඇදිරිනීතය උල්ලංඝනය කළ 04 දෙනෙකුට අපහාස වන අයුරින් සැලකීමේ චෝදනාව මත පොලිසියේ දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගැනුණා.

ඊයේ කොළඹ ඩාර්ලි පාරේදී අල්ලා ගත් 04 දෙනෙකුට අත් දෙක මාරු කර කන් දෙකෙන් අල්ලා ගෙන ඉහළ පහල යන ලෙස මෙම නිලධාරීන් දඬුවම් කර තිබුණා.මෙම චෝදනාවටයි අදාළ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කෙරුණේ.

මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 25 300 දෙනෙකු අත්අඩංගුවට ‍ගෙන ඇති බව පොලිස් මූලස්ථාන නිවේදනය කළා. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 6504 ක්.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ නාගරික ප්‍රදේශවලින් බැහැරව ග්‍රාමීය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරීමේ සූදානමක් පවතින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේ ජනතාව ඒකරාශීවන අවුරුදු උත්සව අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2020 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්