ඇඳිරිනීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරනවා.
ගෙවීගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 1512 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 354ක්.
මේ අනුව මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 25 031 ක්. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 6426 ඉක්මවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.
ඇඳිරිනීතිය බලපැවැත්වෙන සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ නාගරික ප්‍රදේශවලින් බැහැරව ග්‍රාමීය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරීමේ සූදානමක් පවතින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේ ජනතාව ඒකරාශීවන අවුරුදු උත්සව අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ.