සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර
Related Articles
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් චාරිත්‍ර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ වනවිට නිවේදනය කර තිබෙනවා.
නැකත් චාරිත්‍ර අනුව අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 8.23 ටයි.
එදින අපරභාග 1.59 සිට අලුයම 2.47 දක්වා පුණ්‍ය කාලය වනවා.
අප්‍රේල් මස 13 වන සදුදා අපරභාග 1.59 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව ජ්‍යොතිෂයේ දැක්වෙනවා.
අප්‍රේල් 13 වනදා අපරභාග 10.5 ට සුදු පැහැති වස්ත්රාභාරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළකර ගැනීම යහපත් බවයි නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.
වැඩ ඇල්ලීම ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අප්‍රේල් 13 වනදා අපරභාග 10.43 ටයි.
හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වනදා පූර්වභාග 09.17ට යෙදී තිබෙනවා.