fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2020 14:15

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රෝගීන්ගේ 55 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 141 ක්. වෛද්‍ය අධික්ෂණය යටතේ 154 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. කෙරෝනා ආසාදනය හේතුවෙන් මේ වන විට මරණ 07 ක් වාර්තා වී තිබෙනවා.

සුවය ලබා නිවෙස් වෙත යන රෝගීන්ටද ස්වයං නිරෝධායන කටයුතුවල යෙදෙනෙ ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර දැනට සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සම්බන්ධ පරික්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මැදිහත්වීම මතයි. ඒ සඳහා ආරක්ෂක අංශවලද සහාය ලැබී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2020 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්