අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ ජනතාවට බෙදා දීමේ කටයුතු අඛණ්ඩව සිදු වනවා. ඒ රාජ්‍ය ආයතන රැසක දායකත්වයෙන්.
දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිලිවෙල සම්බන්ධීකරණය කෙරෙමින් පවතිනවා. ආර්ථික මධ්‍යස්ථාන හා සතොස මඟින් රැගෙන එන භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීම විධිමත් අයුරින් සිදු කෙරන්නේ ඔවුන්ට නිවසේ සිටම තම අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ කඩ සලසා දෙමින්. දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් මෙම සියලු කටයුතු පූර්ණ අධීක්ෂණයකට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර හලාවත පොලිස් කොට්ඨාශය තුළ පිහිටි ළමා නිවාසවල පවත්නා අඩුපාඩු සොයා බලා ඒවාට පිළියම් යෙදීමට ළමා හා කාන්තා කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩවල අවශ්‍යතාව අනුව එම ළමා නිවාස වෙත කඩිනමින් අදාළ ද්‍රව්‍ය ලබාදීමට පියවර ගැනීම මෙම වැඩපිළවෙළේ අරමුණ බව හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරික්ෂක නිලීකා සුභාෂිණී මහත්මිය සඳහන් කළා. මෙම කොට්ඨාශය තුළ පිහිටි ළමා නිවාස සංඛ්‍යාව 20 ක් වන අතර ළමුන් 1706 දෙනෙකු එම නිවාසවල රැකවරණය ලබනවා. කොට්ඨාස භාර පොලිස් අධිකාරී වයි.එල් ලීලවංශ මහතාගේ උපදෙස් මතයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ.