fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදනය වීම තහවුරු කර ගැනීම සඳහා වන පරීක්ෂණවලට සාම්පල ලබා ගැනීම වෙනුවෙන් ජංගම රථයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2020 14:05

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා වන පරීක්ෂණවලට සාම්පල ලබා ගැනීම වෙනුවෙන් ජංගම රථයක් යොදවා තිබෙනවා.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගිනුයි මෙම කොවිඩ් සාම්පල රැස් කිරීමේ රථය නිර්මාණය කර තිබෙන්නේ.

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා සැක කටයුතු රෝගීන්ගේ සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිසගේ සාම්පල පරීක්ෂණය වේගවත් කර තිබෙනවා. ඒ සඳහා සහාය වීමේ අරමුණෙනුයි  කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මෙම රථය නිර්මාණය කර තිබෙන්නේ. මෙවැනි රථයක් මෙරටදී සේවයට එක් කෙරුණේ පළමු වරටයි. පළමුවරට මෙම රථය සාම්පල ලබා ගැනීමේ කටයුතු රත්මලාන නිරෝධායන මධයස්ථානයේ දී අද සිදු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2020 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්