fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍යවරුන්ට දුර සිට සංවාදයේ යෙදිය හැකි රොබෝවරයෙක් රජරට සරසවියෙන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2020 15:06

වෛද්‍යවරුන්ට දුර සිට සංවාදයේ යෙදිය හැකි රොබෝවරයෙක් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් නිර්මාණය කර තිබෙනවා.

මෙම රොබෝවරයාට කිලෝග්‍රෑම් 25 ක බරක් රැගෙන යා හැකි බවයි නිර්මාණකරුවන් සදහන් කරන්නේ. රුපියල් පනස්දහසක වියදමින් එය නිර්මාණයකර ගැනීමට හැකිවී තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් කණ්ඩායමකුයි මෙය නිර්මාණය කරඇත්තේ. ඒ සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පනස් දෙවන සේනාංකයේ සහයෝගය ද හිමිවුණා.

අනුරාධපුර රෝහලේ මෙත්සිරි සෙවන මධ්‍යස්ථානය වෙත මෙම රොබෝ යන්ත්‍රය භාරදී තිබෙනවා. දුරස්ථ පාලකයක් මගින් එය හැසිරවිය හැකි බැවින් කොරෝනා ආසාදිත රෝගීන්ට ඉතා ආරක්ෂාකාරී ලෙස ප්‍රතිකාර කිරීමට ඉඩ සැලසෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2020 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්