fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි ලාභීන්ට ලබාදුන් පන්දහසේ ණය මුදල ආපසු අය නොකර ගැනීමට රජය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2020 13:02

කොරෝනා වසංගතය නිසා අපහසුතාවට පත්ව සිටින සමෘද්ධි හිමිකම් ලාභීන් වෙනුවෙන් ලබාදුන් රුපියල් පන්දහසක ණය මුදල ආපසු අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් විසිදහසකට පමණ රුපියල් පන්දහසේ දීමනාව නිවෙස් වෙතම ගොස් භාරදීම සිදුකෙරුණා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මෙම මුදල භාරදීම සිදුකෙරුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. කදුරුවෙල,  සමුද්‍රාගම ඇතුළු ප්‍රදේශ රැසක අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් මෙම සහනය හිමිවුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ ද අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් ද ආධාර ලබාදීමට පියවර ගෙන ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පැවසුවේ.

තංගල්ල,  මැදකැටිය ප්‍රදේශයේ වැඩිහිටියන් සහ ආබාධ සහිත වූ ජනතාව වෙනුවෙන් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම ද සිදුකෙරුණා. ග්‍රාමනිලධාරින් මගින් ඔවුන්ගේ නිවෙස් වෙතටම ගොස් දීමනාව ලබාදුන් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2020 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්