fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 7600ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2020 11:44

ඉන්දියාවේ බොහෝ පිරිසක් ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොරෝනා වසංගතය පාලනය කිරිම සදහා දින 21 ක කාලයක් රට සම්පූර්ණයෙන් වසා දැමීමටයි අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේ. දස දහස් සංඛ්‍යාත පිරිසක් දෛනිකව සහන සේවා අමතමින් ආහාර අර්බුදය පිලිබදව දැනුම් දෙන බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

දිලිදු පවුල්වල සිටින මිලියන 40ක පමණ කුඩා දරුවන්ටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ලොව ළමා ජනගහනය වැඩිම රට ලෙසයි ඉන්දියාව සැලකෙන්නේ.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 7600ක්. 249 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්