ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වන විට සිදු වූ මරණ සංඛ්‍යාව 102,734ක් ලෙස දැක්වෙයි.
රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210 කින් මේවන විට වාර්තාවන කොරෝනා ආසාධිතයන් ගණන 1,699,632ක්. ඉන් 376,330ක් සුවය ලබා තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකාව, ප්‍රංශය , එංගලන්තය ස්පාඤ්ඤය සහ ඉතාලියට තවමත් දැඩි බලපෑම් මතුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇමරිකාවෙන් ඊයේ (10)දිනයේදී පමණක් වාර්තාවු ආසාධිතයන් සංඛ්‍යාව තිස්තුන් දහස් දෙසීය දොලහක්. පසුගිය පැය 24 තුළ මරණ 2012 ක් ද ඇමරිකාවෙන් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඉරානය සම්පුර්ණයෙන් වසා තබන කාලය මැයි පස්වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. නගර 31 ක් සදහා පැය 48 ක ඇඳිරි නීතිය පනවන බවයි තුර්කිය නිවේදනය කළේ. පෘතුගාලයද හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළා.
භයානක තත්වය අවසන් වනතුරු තහනම් ලිහිල් කිරිමට පියවර නොගන්නා බවයි එංගලන්ත රජය දැනුම් දෙන්නේ. දකුණු අප්‍රිකාවද රට වසා තැබීමේ තීරණය තවත් සති දෙකකින් දීර්ඝ කර තිබෙනවා.