චීනය කොවිඩ් නයින්ටින් වසංගත රෝගයට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය තවත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කළා.
ඒවා රැගත් චීනයේ එම් යූ 231 දරණ යානය ෂැන්හයි නුවර සිට ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොලට ලගාවූ බවයි කටුනායක ගුවන් තොටුපොල කළමනාකරු යුස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේ. මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුලු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ තොගයක් මෙලෙස ලැබී තිබෙනවා.
ඒවා චීන ශ්‍ර්‍රි ලංකා මිත්‍රත්ව සංගමය වෙත භාරදීමටයි කටයුතු කර තිබෙන්නේ.
මේ අතර කොරෝනා පරික්ෂණ කට්ටල විසිදහස් හැට හතරක් ද චීනයෙන් ශ්‍රි ලංකාවට ලැබී තිබෙනවා. එහි වටිනාකම ඇමරිකා ඩොලර් එක්ලක්ෂ තිස් දහසක්. චීන ප්‍රකෝටිපති අලිබාබා ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජැක් මා විසින් මෙම පරික්ෂණ කට්ටල තොගය පරිත්‍යාග කළා.
ලබන සතියේ තවත් පරික්ෂණ කට්ටල විසිදහසක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි කොළඹ චීන තානාපති කාර්යාලය සදහන් කළේ.