තණමල්විල ප්රාදේශීය සභා මන්ත්රී නාලක රණවීර ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් නෙරපා හැරි බව එම පෙරමුණ පවසනවා.
සෙවනගල ප්රදේශයේ වසය අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධවයි මෙම මන්ත්රීවරයා පක්ෂයෙන් නෙරපා තිබෙන්නේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පක්ෂයේ ප්රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් වහාම ක්රියාත්මක වන පරිදි අදාළ ප්රාදේශීය සභා මන්ත්රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අදාළ ලිපිය මේ වන විට ඔහු වෙත යොමු කර තිබෙනවා.