fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවරයින් අතරමං නොකර මාළු තොග මිලදී ගන්න රජය සූදානම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 18:09

ධීවරයින්ගේ මාලු තොග ඉක්මනින් මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600 ක් වෙන් කෙරුණා.

දිවයින පුරා මාලු බෙදා හැරීමද ක්‍රමානුකූල වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අනාගතයේ ඇති විය හැකි අභියෝගවලින් දේශීය කර්මාන්ත රැක ගැනීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. රටට අවශ්‍ය සහල්,  එළවළු,  පළතුරු මෙන්ම මත්ස්‍ය  නිෂ්පාදන ද  රටතුලම නිෂ්පාදනය කර ගැනීමටත් පියවර ගත යුතුව ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ අනුව බහුදින ධීවර යාත්‍රාවලින් රැගෙන එන මත්ස්‍ය තොග සෞඛ්‍යවල උපදෙස් අනුගමනය කරමින් කඩිනමින් මිලදී ගැනීමට හා දිවයින පුරා බෙදා හැරීමට ක්‍රියා කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අත්‍යවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ ධීවරයන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සදහා අවශ්‍යතා මත ධීවර කර්මාන්තයේ යෙදීමට රජය සම්පූර්ණයෙන්ම අවසරය දී ඇති බවයි. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින ධීවරයන්ටද මෙම අවස්ථාව හිමිවනවා. එමෙන්ම මෙරට නිෂ්පාදනය කරන එළවළු,  පළතුරු,  මාලු,  කුකුල් මස් වැනි ආහාරවලට වැඩි ඉල්ලුමක් ඇති කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ධීවරයන්ගෙන් මසුන් මිලදී ගැනීමේදී අදාළ ගෙවීම් සිදු කිරීම සදහා ධීවර සංස්ථාවට සති දෙකක කාලයක් අවශ්‍ය බවට දැනුම් දීමක් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා මෙහිදී කියා සිටියා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ධීවර අමාත්‍යාංශයට රුපියල් මිලියන 600 ක් නිදහස් කර ඇති බැවින් අදාළ ගෙවීම් කඩිනමින් නිදහස් කරන ලෙසයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්