නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිශ්පාදනය කරන ලළ තවත් විෂබීජ හරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු විය.
එම රෝහලෙහි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් තුමන් විසින් නාවික හමුදාධිපතිගෙන් සිදු කල ඉල්ලීමකට අනුව මෙම විෂබීජ හරණ කුටිය ලබා දීමට කටයුතු කරන ලද අතර විශේෂයෙන් දෛනිකව ප්‍රථිකාර ලබා ගැනීම සදහා මහජනතාව විශාල ප්‍රමාණයක් මෙම රෝහල වෙත පැමිණෙන බැවින් එම මහජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා මෙම විෂබීජ හරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කර තිබුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jksgML8bxhQ”]