fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘COVID-19’ ජෛව ත්‍රස්ත ප්‍රහාරයක් කරගැනීමේ අවදානමක් – UN මහලේකම් අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:52

වසංගතය ලෝකයේ ජෛව ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව දැනටමත් නිදසුනක් ලෝකයා හමුවේ දිගහැරී ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් පවසයි.

කොරෝනා වෛරස (COVID-19) සාම්පලම ජෛව ත්‍රස්තවාදී ප්‍රහාරයක් සදහා යොදා ගැනීම සිදුවිය හැකිද යන්න පිළිබඳව ඇති අවදානම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ මෙසේ ප්‍රථම වරට සදහන් කළා.

දැනට පවතින කොරෝනා වෛරසය (COVID-19) වසංගතයට සූදානම් නොවීමෙන්, ජෛව ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු කිරීම සඳහා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට මාරාන්තික ක්‍රියා වලට ප්‍රවේශ විය හැකි ආකාරය හෙළි වූ බව ඇන්ටෝනියෝ ගුටෙරෙස්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පවසා තිබෙනවා.

මෙම වසංගතය මගින් නිරාවරණය වන දුර්වලතා සහ සූදානම නොමැතිකම ජෛව ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුකිරීමට තොරතුරුද සපයා තිබෙයි. එහි අවදානම වැඩිය.

මෙයින් රාජ්‍ය නොවන කණ්ඩායම්වලට ලොව පුරා සමාජයන්ට විනාශයක් සිදුවිය හැකි දරුණු ක්‍රියා වලට ප්‍රවේශ ලබා ගත හැකියි.

ඔවුන් වර්තමාන ගෝලීය අර්බුදයෙන් ප්‍රයෝජන ගත හැකි අතර තවදුරටත් බෙදීම් ප්‍රවර්ධනය කළ හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ ගැටුම්වලින් දැනටමත් විනාශ වී ඇති ප්‍රදේශවල විනාශකාරී දේ සිදුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් අනතුරු අඟවයි.

ලෝක සාමයට සහ ආරක්ෂාවට වසංගතය නිසා ඇති වන අභියෝග අවම කිරීම සඳහා එක්සත්කම ප්‍රදර්ශනය කරන ලෙස මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා වයිරස් සම්පත් මධ්‍යස්ථානයට අනුව, වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා ඇති අතර 95,000කට අධික පිරිසක් මියගොස් තිවෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්