fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොවපුරා කොරෝනා මරණ 96,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:32

ලොව පුරා කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1,614,396ක් දක්වා වැඩිවී තිබෙනවා. මරණ 96,788ක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුවය ලැබූ සංඛ්‍යාව 362,409ක්.

පසුගිය පැය 24 තුළ දෙවැනියට වැඩිම මරණ වාර්තා වුණේ ප‍්‍රංශයෙන්. ඒ 1341ක්. ප‍්‍රංශයෙන් ආසාදිතයන් එක්ලක්ෂ දාහත් දහසකට වැඩි පිරිසක් හදුනාගෙන ඇති අතර දොලොස් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව දහ අට දහස් දෙසිය හැත්තැ නවයක්. එක්ලක්ෂ හතලිස් තුන් දහසකට වැඩි පිරිසක් ආසාදනයට ලක්වුණා. ස්පාඤ්ඤයෙන් මරණ පහලොස් දහස් හාරසිය හතලිස් හතක් වාර්තා වන්නේ ආසාදිතයන් ගණන එක් ලක්ෂ පනස් තුන් දහස ඉක්මවමින්.

කොරෝනා ආසාදනය විමෙන් ඉතාලියේ වෛද්‍යවරුන් සිය දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්