fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රුපියල් ලක්‍ෂ 15ක රක්‍ෂණාවරණයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:11

කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව “විරු අභිමන්” නමින් රුපියල් ලක්‍ෂ 15 ක රක්‍ෂණාවරණයක් හඳුන්වා දී තිබෙනවා.

ජීවිත අහිමිවීමකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් සිටින පවුල්වලට රුපියල් ලක්‍ෂ 15 බැගින් ද දරුවන් නොමැති පවුලකට හා අවිවාහකයෙකුට රුපියල් ලක්‍ෂ 10 බැගින් ද ගෙවීමට මෙම රක්‍ෂණ ක්‍රමය යටතේ කටයුතු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්,  වෛද්‍යවරුන්,  හෙදියන්,  උපස්ථායකයන්,  රියදුරන්,  සුළු සේවකයන්,  මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් රක්‍ෂණ ක්‍රමය මගින් ආවරණය කෙරෙනවා. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් නොමිලේ පිරිනමන ප්‍රථම හා එකම රක්‍ෂණ ක්‍රමය මෙයයි.

විරු අභිමන් සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථා සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාගේ සහභාගිත්වයෙන් සිදුවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්