fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24ක් තුළ ඇමෙරිකාවෙන් කොරොනා ආසාදනය වූවන් 33536ක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 12:21

ඇමෙරිකාවේ කොරොනා රෝගීන් වාර්තා වන සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතිනවා.

පැය 24 ක කාලයක් තුළ ඇමෙරිකාවෙන් වෛරසය ආසාදනය වූවන් 33536 දෙනෙකු සොයා ගැනුණා. නිව්යෝර්ක් නගරයේ මරණ සංඛ්‍යාව ඉහළ ගියද වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව තරමක් අවම වී ඇති බවයි ඇමෙරිකාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

සුව වූ රෝගීන්ගේ රුධිර ප්ලස්මා ගෙන රෝගය උත්සන්න වූ රෝගියෙකුට ලබා දීමේ ක්‍රමවේදය ඇමෙරිකාව 1890 වසරේදී පළමු වරට ආරම්භ කළා.එම ක්‍රමවේදය දැන් කොරෝනා රෝගයෙන් පීඩා විදින රෝගීන් වෙනුවෙන්ද ක්‍රියාත්මක කරනවා.

දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්.  ස්පාඤ්ඤය මේ වන විට වෛරසයේ උපරිම තත්ත්වය පසුකරමින් සිටින බව එරට අග්‍රාමාත්‍යවරයා පවසනවා.  එරට ක්‍රියාත්මක හදිසි තත්ත්වය ඉදිරි දින 15 සදහා ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ. යුරෝපයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්.

ලෝකයේ තුන්වෙනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වනවා. පසුගිය පැය 24 ක කාලය තුළදී ඉතාලියෙන් නව කොරෝනා රෝගීන් 4204 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කෙසේ වුවද පසුගිය දින කිහිපයට සාපේක්ෂව මෙය තරමක අඩුවක් බවයි  එහි සිටින අප විශේෂ වාර්තාකරු ශ්‍රීමාල් පතිරාජ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්