කිතුනු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි. ජේසුස් වහන්සේ තම අනුගාමිකයින් වෙනුවෙන් කුරුසය මත දිවි පුදකළේ පාස්කු සිකුරාදා හෙවත් මහ සිකුරාදා දිනයේයි.
පසුගිය පෙබරවාරි 26 වනදා කිතුනු බැතිමතුන් තම චතාරික කාලය ආරම්භ කරනවා. එදින හදුන්වන්නේ අලු බදාදා යනුවෙනුයි. එම දිනයේ සිට දින 40 කට පසුව එළඹෙන සිකුරාදා මහ සිකුරාදා හෙවත් පාස්කු සිකුරාදා ලෙස හදුන්වනවා. මහ සිකුරාදා දිනට පෙර දිනය මහා බ්‍රහස්පතින්දා දිනය ලෙස සළකනවා. ජේසු ස්වාමි දරුවන්ට සිටි ගෝලයන් 12 දෙනා අතර අයෙකු වන ජුදාස් නමැත්තා උන්වහන්සේ පාවාදෙනු ලබන්නේ මෙම මහා බ්‍රහස්පතින්දා දිනයේදීයි.
එම දිනය ද කතෝලික බැතිමතුන් සමරනු ලබන්නේ දුක් ප්රාප්ති කාලයේ සුවිශේෂී දිනයක් ලෙසයි. මහ සිකුරාදා දිනයේ දී ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසනු ලබනවා. එය සිහිකරමින් දේවස්ථානවල යාඥා පැවැත්වීම සාමාන්‍ය සම්ප්රදාය වුවද මේ දිනවල පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර දේවස්ථානවලදී දේවමෙහෙයන් පැවැත්වෙන්නේ නැහැ.