fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මඬින්න ඇමරිකාවෙන් ශ්‍රී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 1.3ක මුදලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:44

ශ්‍රී‍්‍ර ලංකාවේ කොරෝනා වයිරස ව්‍යප්තිය වැළැක්විමේ වැඩපිළිවෙල සඳහා ඇමරිකා ඩොලර් මිලියන 1.3ක මුදලක් පරිත්‍යාග කිරිමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.

ආසාදිතයන් සොයා ගැනිම, සෝදිසි කිරිම් , ප‍්‍රතිචාර දැක්විම හා සූදානම් වීම සඳහා තාක්ෂණික විශේෂඥ සහය , අවදානම් සන්නිවේදනය ඇතුළු කටයුතු සදහා මෙ ම මුදල ලබාදෙන බවයි ශ්‍රී‍්‍ර ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය සදහන් කළේ.

අන්තර්ජාතික සංවර්ධනය සදහා වන ඇමරිකා එක්සත් ජනපද ආයතනය හරහා මෙම මුදල මෙරටට ලබාදීමටයි පියවර ගෙන තිබෙන්නෙ. ශ්‍රී‍්‍ර ලංකාව තුල කොරෝනා පරික්ෂණ වැඩි කිරිම හා පුළුල් කිරිම සදහා විද්‍යාගාර පද්ධති සූදානම් කිරිමට ද සහය ලබාදෙන බව සඳහන් කරන ශ්‍රී‍්‍ර ලංකාවේ ඇමරිකා තානාපති ඇලයිනා ටෙප්ලිස් මහත්මිය පෙන්වා දෙන්නේ මෙම ආධාරය තුළින් දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වන බවයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්