fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප‍්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:57

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප‍්‍රතිකාර ඒකකය උදෑසන 8.00 සිට යළි විවෘත කරන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප‍්‍රකාශ කළා.

හදිසි අනතුරු ප‍්‍රතිකාර ඒකකය ඊයේ (09) පස්වරුවේ තාවකාලිකව වසා දැමුනේ එම ඒකකයට පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කිරිම හේතුවෙන්. එම පුද්ගලයා හෘදයාබාධයක් බව පවසමින් ප‍්‍රතිකාර සඳහා ඇතුළුවී ඇති අතර සැක සහිත බැවින් ඔහුගේ සාම්පල පරික්ෂාවට යොමුකර තිබෙනවා.

එම ඒකකයේ කාර්ය මන්ඩලයේ 39 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර , හදිසි අනතුරු ප‍්‍රතිකාර ඒකකය ද මුළුමනින්ම විෂබීජහරණයට ලක්කෙරුණා.

නව කාර්ය මණ්ඩලයක් අද (10) දිනයේදි සේවයට කැඳවා ඇති බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්