රටේ පවතින තත්ත්වය හමුවේ අපහසුතාවට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් බෙදාදීම සදහා අයිටීඑන් මනුෂ්‍යත්වයේ සත්කාරය අරමුදලට ලැබුණු පරිත්‍යාගවලින් සලස් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ එම ජනතාව වෙත බෙදාදීම අද ආරම්භ කෙරුණා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට පෙර වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී ඒවා නියමිත පරිදි ඇසුරුම් කෙරුණා.
බත්තරමුල්ල සතොස ශාඛාවෙනුයි මෙලෙස භාණ්ඩ මිලදී ගැනීම සිදු කෙරුණේ. පළමු අදියර යටතේ වැඩිහිටි නිවාස, ළමා නිවාස, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට මෙන්ම අසරණභාවයට පත්ව සිටින කලාකරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදු කෙරෙනු ඇති. ඒ සදහා අයිටීඑන් මනුෂ්‍යත්වයේ සත්කාරය කණ්ඩායම සහන මලු 1200 ක් සූදානම් කරමින් සිටිනවා.
හෙට පෙරවරු 08ට ඔවුන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීම සදහා පිටත්ව යාමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම භාණ්ඩ බෙදාදීම සිදු කෙරෙනු ඇති. මේ අතර අයිටීඑන් මනුෂ්‍යත්වයේ සත්කාරය සදහා සදවිමන ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ප්‍රියන්ත මාපා විජේසිංහ මහතා හා ටෙලි වෘත්තීකයන්ගේ ජාතික සංගමය ද මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.