2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය මැයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය මස 31 සහ මේ මස 01 වන දිනවල එවූ ලිපි සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.
ජනාධිපතිතුමාගේ නිල කාර්යන් සඳහා එවනු ලැබූ ලිපි සිය කාර්යාලයට පැමිණීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීම සහ එකී ලිපි තවත් අයට පිටපත් කර තිබීම ගැන තමන් මවිතයට පත්වන බව ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙහි දක්වා තිබෙනවා.
පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය මැතිවරණය දිනය නියම කිරීමේ දිනය , නාමයෝජනාපත්රය භාර ගැනීමේ දිනය සහ අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත නාමයෝජනා පත්‍ර භාරදීම් පිළිගෙන යතා පරිදි කටයුතු කළ බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කරන්නේ.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 වෙනි ඡේදයේ පරිදි මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛණයක් මඟින් නිවේදනයක් පළකළ යුතුව තිබුණා. පසුගිය මස 20 වනදා කොමිසම නිකුත් කළ අංක 2167/12 ගැසට් ලේඛණයෙන් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම මෙම මස 25 වනදා උදෑසන 07 සිට පස්වරු 04.00 දක්වා ඡන්ද විමසීම් සිදු කරන බව හා ඡන්ද විමසීම් පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික් සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇති බවයි ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් දක්වන්නේ.
ඉන්පසු පසුගිය 21 වනදා මැතිවරණ කොමිසම නිකුත් කළ අංක 2167/19 ගැසට් ලේඛණයෙන් ලබන 25 වනදා ඡන්ද විමසීම සිදු කළ නොහැකි බව ප්‍රකාශ කර තිබුණා. එම ගැසට් ලේඛණයේ සඳහන් තිබුණේ ලබන 30 වනදා සිට දින 14 කට පසු එළඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවයි. ලබන 25 වනදා ඡන්ද විමසීම කළ නොහැකි නම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරිමට එම ඡේදයේ විධිවිධාන යටතේ කොමිෂම බැඳී සිටින බවට කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතු බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කරන්නේ.
ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව ලබන මස 28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේදී කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර මැතිවරණ කොමිසමේ කාර්යන්ට සහ වගකීම්වලට මැදිහත් වීමට ජනාධිපතිතුමා අදහස් නොකරන බවද ජනාධිපති ලේකම්වරයා පවසනවා.
ඡන්දය කල් තැබූ දිනයෙන්15 වන දවසේ වුවද ඡන්ද විමසීම පැවැත්විය හැකි බවයි ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ දැක්වෙන්නේ. මෙම කරුණු සැලකීමේදී ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 129 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්න පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම්දීමට තමන් වෙත උපදෙස් ලැබී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කරන්නේ.