fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ හල් නිසි පරිදි ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 18:18

ඖෂධ හල් නිසි පරිදි ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධන බලකාය ගත් තීරණයකට අනුව සියලුම ඖෂධ හල් අද පෙරවරු 09 සිට සවස 06 දක්වා විවෘතව තැබීමට තීරණය කෙරුණා. එම ඖෂධහල් නිරීක්ෂණය කිරීම සිදු වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින්. ජනතාවගේ සහ ඖෂධ හල්වල සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගෙන ඇද්ද යන්න පිළිබඳව මෙහිදී පරික්ෂාවට ලක් කෙරෙනු ඇති. ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපත් කර ඇති නියමයන්ට බැහැරව කටයුතු කරන ඖෂධ හල් සඳහා අවවාද කිරීම් සිදු කෙරෙන අතර ඉදිරියේදී ඒවා වසා දැමීමට කටයුතු කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්