රුපියල් පන්දහසක දිමනාව තවත් පවුල් ලක්ෂ 10 කට ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. ග්‍රාම සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ කටයුතු සිදුකෙරෙනවා. දැනටමත් පවුල් ලක්ෂ 54 කට පමණ සහන සැලසීමටයි රජය කටයුතු කර ඇත්තේ.
එම පවුල්වලට අමතරව තවත් පවුල් ලක්ෂ 10 කට රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා