fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වයං නිරෝධායනය මඟහරිමින් සිටි 23 දෙනෙකු නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 16:11

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනය මග හරිමින් සිටි පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බුද්ධි අංශ සමත් වුණා.

පහරදීමේ සිද්ධියකින් තුවාල ලැබූ මෙම ප්‍රදේශයේ කුළී රථ රියදුරෙකු රෝහල් ගත කිරීමෙන් පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වුණා. එම පුද්ගලයා සමග සෘජු සබදතා පැවැත්වූ මෙම පුද්ගලයන් 23 දෙනා ඔවුන්ගේ වාසස්ථානය තුළදීම නිරෝධායනයට ලක් කිරිමට මහජන සෞඛය පරික්‍ෂකවරුන් කටයුතු කළා.

මතට ඇබ්බැහි වී සිටි මෙම පිරිස නිරෝධායනය කඩ කරමින් ප්‍රදේශය පුරා  සැරිසරමින් ආරක්‍ෂක අංශ මගහරිමින් සිටියා.

ඒ අනුවයි ඔවුන් මෙසේ අත්අඩංගුවට ගැනුණේ. එම පිරිස ඔලුවිල් හි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්