කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට යුරෝ මිලියන 22 ක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.
යුරෝපා සංගමය සෙසු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍ර වර්ධනය කිරීම සඳහා මෙහිදී උපකාර සිදු කිරීමට නියමිතයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඔස්සේ යුරෝ මිලියන 02 ක් වටිනා වෛද්‍ය උපකරණ හා සැපයුම් ලබාදීමට මෙහිදී කටයුතු කෙරෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රය වෙනුවෙන්ද යුරෝ මිලියන 16.5 ක ප්‍රතිපාදන ලබාදීමට නියමිතයි.
ග්‍රාමීය ප්‍රදේශවල පුද්ගල ප්රාග්ධනය වර්ධනය කිරීම මෙන්ම කුඩා ව්‍යාපාර හිමියන්ට සහාය වීමටද යුරෝපා සංගමය අපේක්ෂා කරනවා. ප්‍රදානයෙන් කොටසක් වහා ලබාදීමට ද සෙසු කොටස් වසරේ ඉතිරි කාලසීමාවේදී සහ ඉදිරියේදී ලබාදීමට නියමිතයි.
යුරෝපා නියෝජිතයන් සහ අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති හමුවේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මේ අතර යුනියන් ඇෂුවරන්ස් සමාගම මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාවට වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ සමාගමේ මානව සම්පත් කළමනාකරු සුරේෂ් මුත්තයියා මහතාගේ ප්‍රධානත්වයෙන්. මට්ටක්කුලිය බස්නැවතුම්පොල අසලදී වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදු කෙරුණා.
මේ අතර කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යුනිලීවර් සමාගම රුපියල් මිලියන 10 ක් ලබාදී තිබෙනවා.