fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවශ්‍යතාව මත වී මෝල් අත්‍යවශ්‍ය සේවයක් කිරිමට රජය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 15:57

නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරිම සඳහා ප‍්‍රධාන පෙලේ වී මෝල් නොකඩවා විවෘතව තැබීමට පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රිවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ සහල් හිගයක් ඇතිවීම වැලැක්වීමේ අරමුණෙන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී රටේ පවතින හදිසි තත්වය පිලිබදව විශේෂ අවධානයක් යොමුකළා. මේවන විට අවශ්‍ය තරම් වී තොග ඇති බැවින් කිසිදු අවස්ථාවක රටතුළ සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවටයි සාකච්ඡාවේදී අනාවරණය කෙරුණේ. හදිසි තත්වය හමුවේ වෙළෙද පොල තුළ හිඟයකින් තොරව සහල් නිෂ්පාදනය පවත්වාගෙනයාම සදහා අවශ්‍යතාව අනුව වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කළ යුතු බවත්, සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ධීවර ක්ෂේත‍්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා හා අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවුණා. ධීවර සංස්ථාව සමග සාකච්ඡා කර වහාම විසදුම් ලබාදෙන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම , ඖෂධ බෙදාහැරිම පිලිබදවද විශේ්ෂ අවධානයක් යොමුකළා. ඇදිරි නීතිය පනවා තිබිම හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව සිටින ජනතාව සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරිමට ද ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රි කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුවූ බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්