fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 14:57

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 37 දෙනෙකු නිරෝධායනය වීමෙන් පසු පිටව ගිය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඔවුන්ට තවදුරටත් සිය නිවෙස්වල නිරෝධායනය වන ලෙස දන්වා ඇති බවයි හමුදාපතිවරයා සදහන් කළේ.

මේ අතර රත්නපුර සහ පැල්මඩුල්ල ප්‍රදේශවල පුද්ගලයන් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර තිබෙනවා. රත්නපුර මුද්දුව ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග එම කණ්ඩායම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරුණා.

කටුනායක ගුවන්තොටුපලේ අවන්හලකට පසුගියදා කොරෝනා ආසාදිතයකු පැමිණ ඇති බැවින් එහි සේවය කළ තරුණයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

මේ අතර සංචාරකයන් සදහා මීගමුව ප්‍රදේශයේ බෝට්ටු සේවාවක් පවත්වාගෙන ගිය කුරුනෑගල පුද්ගලයකුද නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්