fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා 7 වන මරණකරුගේ අවසන් කටයුතු සිදු කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 13:44

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 44 ක්. රෝගීන් 138 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. රෝගය සම්බන්ධයෙන් සැකපිට 228 දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයකුයි ඊයේ (08) ජීවිතක්ෂයට පත්වුණේ. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

පවුලේ ඥාතීන් 03 දෙනෙකුට අවසන් කටයුතු සදහා සහභාගී වීමට ඉඩ ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 13:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්