අහුංගල්ල ප්රදේශයේදී රුපියල් අට ලක්ෂ පනස් දහසක් වටිනා මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
මෝටර් රථයකින් මෙම මත්පෙති තොගය ප්රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනුණේ අහුංගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජී පියතිලක මහතාගේ උපදෙස් මත සිදු කළ වැටලීමකදීයි. මෝටර් රථයේ ඉදිරිපස අසුන යට මෙම මත්පෙති තොගය අසුරා තිබුණා.
මත්පෙති 253 ක් මෙසේ පොලිස් භාරයට ගත් අතර එක් පෙත්තක් රුපියල් 3500 ක් වැනි මුදලකට අලෙවි කරන බවයි සැකකරු පොලීසිය හමුවේ ප්රකාශ කර ඇත්තේ.