fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොවපුරා කොරෝනා ආසාධිතයන් ගණන පහලොස් ලක්ෂය ඉක්මවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 10:37

ලොව පුරා කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1,518,773ක් දක්වා වැඩිවී තිබෙනවා.

ඒ රටවල් 209 කින්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 88,505ක්. 330,589ක් සම්පුර්ණ සුවය ලැබූ පිරිසට ඇතුලත්.

ඊයේ (08)  දිනයේදී වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තාවුණේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එම සංඛ්‍යාව විසිහය දහස් හත්සිය හැට හයක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව සමස්ත ආසාධිතයන් ගණන හාරලක්ෂ විසිහත් දහස් එකසිය එකක් දක්වා වැඩිවී තිබෙනවා.

ස්පාඤ්ඤය , ජර්මනිය, එංගලන්තය සහ තුර්කිය ඊයේ දිනයේදී වැඩිම ආසාධිතයන් වාර්තාවූ සෙසු රටවල් ලෙසයි සැලකෙන්නේ.

මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනාවක් එල්ල කළා. ඒ ඔවුන් කොරෝනා වසංගතය පිලිබදව වැරදි ප‍්‍රතිරූපයක් මවා ඇති බව සදහන් කරමින්.

චීනයට ප‍්‍රමුඛතාව ලබාදෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන බවටයි ට‍්‍රම්ප් චෝදනා කරන්නේ. ඒ අනුව සංවිධානය සදහා ඇමරිකාව ලබාදෙන මුල්‍ය දායකත්වය සම්බන්ධයෙන් යළි සලකා බලන බවද ඔහු ප‍්‍රකාශ කළා.

කොරෝනා ආසාධනය වූ බ‍්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඔහුගේ තත්වය බරපතල නොවන බවද වෛද්‍යවරුන් සදහන් කරනවා.

මේ අතර ග‍්‍රීන්ලන්තයෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් එකොලොස්දෙනාම සම්පුර්ණයෙන්ම සුවය ලබා ඇතැයි එරට වාර්තා පෙන්වා දෙනවා. දින 4 ක කාලයේදී ග‍්‍රීන්ලන්තයෙන් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තාවී නැහැ. එභෙත් වෛද්‍ය මෙහෙයුම් සහ ප‍්‍රතිකාර සේවා ශක්තිමත්ව පවත්වාගෙන යන බවයි රජයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්