fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

11 වන ශ්‍රේණියේ සිසුවෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාමයක් නිර්මාණය කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 10:24

අතින් ඇල්ලීමකින් තොරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාමයක් නිර්මාණය කිරීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ සිසුවෙකු සමත් වී තිබෙනවා.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනුත් චාමික සිසුවායි මෙම නිර්මාණය කර ඇත්තේ. කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා මෙවැනි නිර්මාණ ඉතා වැදගත් බව මෙම සිසුවා පෙන්වා දුන්නා. ජල කරාමය තවදුරටත් දියුණු කළ හැකි බව ද එම සිසුවා සදහන් කළා.

දිනුත් චාමික සිසුවා නිර්මාණය කළ නව කරාමය සහිත ජල බේසම් දෙකක් මේ වන විට හලාවත මහ රෝහලේ සවිකර තිබෙනවා. ඉදිරියේදී සෙසු රෝහල්වලට මෙන්ම පොදු ස්ථානවලට මෙම ජල කරාම හඳුන්වා දීමට අදහස් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති සරත් ගමගේ මහතා සඳහන් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්