අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කිිරිම සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කොරෝනා වයිරසය ව්‍යප්තියත් සමඟ අවධානම් තත්වය සැලකිල්ලට ගෙන ජනතාව කටයුතු කළ යුතු බවයි අමාත්‍යාංශයේ ලේකම් එම් කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කළේ.
පවුලේ සාමාජිකයන් සමඟ සරල ආහාර ද්‍රව්‍ය සකසා ගෙන අවුරුදු නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි නිවසේ සිටම ඉටු කරන ලෙසත් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ආගමානුකූල කාර්යන් ඉටුකර නිවස තුළම රැදී සිටින ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ. නිවසින් බැහැරව යාමට හෝ විවිධ උත්සව සංවිධානය නොකළ යුතු බවද සංස්කෘතික අමාත්‍යාංශය දැනුම් දෙනවා.