කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය පැනවූ ඇඳිරිනීතිය නිසිආකාරව පවත්වාගෙන යාමට තවදුරටත් ජනතාවගේ සහාය අවශ්‍ය කෙරෙනවා. ඇඳිරිනීතිය කඩකරන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරනවා.
අද දහවල් 12 න් අවසන් වූ පැය 6 ක කාලය තුළදී පමණක් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 283 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 81 ක්. මේ අනුව ඇඳිරිනීතිය පැනවූ සමස්ත කාලය තුළදී පුද්ගලයින් 18,000 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.
ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් මෙම කාලසීමාව තුළදී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 4,667 ක්. ඇතැම් පුද්ගලයින්ට ලබාදී ඇති ඇදිරිනීති බලපත්‍ර ද අයථා ලෙස භාවිත කරන බවයි පොලීසිය සදහන් කරන්නේ. *
මේ අතර කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත ඇදුම් තොගයක් මාතලේ මහ රෝහල වෙත පරිත්‍යාග කෙරුණා. මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් එක්ව මෙම පරිත්‍යාගය සිදුකළා.